Header Ads

ads header

Joseph Stalin

 හැඳින්වීම:

ජෝර්ජියානු විප්ලවවාදියෙකු වූ අතර 1922 සිට 1953 දී ඔහුගේ මරණය දක්වා සෝවියට් සංගමය පාලනය කළ සෝවියට් දේශපාලන හා හමුදා නායකයෙකි. කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් (1922-1952) ලෙස බලයට පත්විය. ව්ලැද්මීර් ලෙනින්ගේ මරණයෙන් පසුව සෝවියට් දේශයේ ඒකාධිපති පාලකයා සහ රතු හමුදාවේ උත්තරීතර අණ දෙන නිලධාරියා (1941-1953) ලෙස තම අණසක පැතිරූ හෙතෙම ඉතිහාසගත වන්නේ සීඝ්‍ර කාර්මීකරණය මඟින් රුසියාව ලෝක බලවතෙකුගේ තත්වයට පත් කිරීමට ගත් අති මහත් ප්‍රයත්නය හේතුවෙන්ය.

කුඩා ස්ටාලින් හා පවුල් පසුබිම

වර්ෂ 1878 දෙසැම්බර් මස 18 වන දින පවුලේ තුන්වන දරුවා ලෙස ජෝර්ජියාවේ ගෝරි හි උපත ලබන ජෝසප් ස්ටාලින්ගේ මුල් නාමය ලෙස යීසෙබ් බෙසරියෝනිස් ඩිස ජුගාෂ්විලි (Ioseb Besarionis dze Jughashvili) නම් වූ අතර 1878 දෙසැම්බර් 29 දින බව්තීස්ම විය. පසුව මොහු අයෝසෙබ් යන නාමයේ කුඩා නාමයක් වන "සෝසෝ" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය. මෙම පවුලේ උපන් මුල් දරුවන් දෙදෙනා ළදරු කාලයේදීම මිය ගියේය.

මොහුගේ පියා බෙසාරියන් ජුගාෂ්විලි (BesarionJughashvili) වූ අතර මව රුසියානු ඔර්තොඩොක්ස් පල්ලියේ පුජකවරියක් වූ එක්තරීන් ජෙලාඩ්සේ (Ekaterine Geladze) නම් විය. මොහුගේ පියා වෘත්තියෙන් සපත්තු සාදන්නෙකු වූ අතර ඔහු වෙනත් අයෙකුගේ කර්මාන්ත ශාලාවක සේවය කල අතර මූල්‍යමය වශයෙන් සාර්ථක වූ නමුත් පසුව පරිහානියට පත් විය. පවුල දරිද්‍රතාවයේ හීනිපෙත්තටම ගමන් කිරීමේදී බෙසාරියන් දැඩිව බීමතට ඇබ්බැහී වී පවුල තුළ ප්‍රචණ්ඩව හැසිරුණු අයෙකු වශයෙන් පෙන්වා දිය හැක.

1883 වන විට කුඩා ස්ටාලින් සහ ඔහුගේ මව නිවස හැර ගොස් කුලී නිවෙසක වාසය කරන අතර ඊළඟ දශකය තුළ විවිධ කුලී කාමර නවයක ජීවත්ව සිට ඇති බවට තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ පළකර ඇත.

1884 වර්ෂයේදී මොහු වයස අවුරුදු 6 පමණ වන විට වසූරිය නම් රෝගය වැළදීම හේතුවෙන් අනෙක් ළමුන්ට සාපේක්‍ෂව බොහෝ දුර්වල තත්ත්වයට පත් විය. සම වයසේ දරුවන් තමන්ට සිදු කරන ලද වෙනස්කම් කුඩා ස්ටාලින්ගේ හිතේ තැන්පත් වීම පසුකාලීනව ඔහු ඒකාධිපතියෙකු කරන්නට වක්‍රාකාරයෙන් දායක වන්නට ඇතැයි සිතිය හැක.

අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය

1886 දී ඔවුන්ගේ පවුලේ මිතුරෙකු වූ ක්‍රිස්ටෝපර් චාර්ක්වියානි පියතුමාගේ නිවසට පදිංචියට යන අතර මොහුගේ මව එම නිවසේ පිරිසිදු කරන්නියක් සහ රෙදි සෝදන්නියක් ලෙස සේවය කරන ලදී. 1888 සැප්තැම්බර් මාසයේදී ස්ටාලින් ගෝරි පල්ලියේ (Gori Church) පාසලට ඇතුළත් වූ අතර සිතුවම් සහ නාට්‍ය සඳහා දක්‍ෂතා දැක්වූ අතර තමාගේම කවි ලිවීම සිදු කරන ලදී. පසුව මොහුටු අවුරුදු 12 දී (1890) ෆේටෝනයක් (ෆයිටන්,ෆේටෝන් යනු දහඅටවන සියවසේ අගභාගයේ සහ දහනවවන සියවසේ මුල් භාගයේ ජනප්‍රිය වූ අශ්වයන් විසින් අඳිනු ලබන කරත්තයකි) හේතුවෙන් බරපතල තුවාල ලැබූ අතර  ඔහුගේ ජීවිත කාලය පුරාවටම වම් අත ආබාධිත වීමට හේතු විය.

1893 දී ගන්නා ලද ස්ටාලින්ගේ ඡායාරූපයක් ඇතුළුව ගෝරි ආගමික පාසලේ සිසුන්ගේ ඡායාරූප

1894 අගෝස්තු මාසයේදී ස්ටාලින් ටිෆ්ලිස්හි ඕතඩොක්ස් අධ්‍යාත්මික සෙමනේරියට (Tbilisi Spiritual Seminary) ඇතුළත් විය. ශිෂ්‍යත්වයක් මඟින් උසස් අධ්‍යාපනය ලැබූ අතර අභ්‍යාසලාභී පූජකවරුන් 600ක් අතරින් උසස් සාමාර්ථ ලබා ගත්තේය. මොහු දිගටම කවි ලිවූ අතර ස්වභාවධර්මයභූමිය සහ දේශප්‍රේමය ඔහුගේ තේමා විය. ඔහුගේ කවි පහක් "Osseo" යන අන්වර්ථ නාමයෙන් Ilia Chavchavadze ගේ Iveria (Georgia) පුවත්පතෙහි පළ විය.

Tbilisi Spiritual Seminary

1895 දී ජෝසෆ් ස්ටාලින්ට අවුරුදු 16 ක් වූ විට මෙහි අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබුණු අතර මුල් වසරවලදී ඔහුගේ විෂය නිර්දේශයට ලෞකික හා දේවධර්මය යන අධ්‍යයනයන් දෙක ම ඇතුළත් විය. ප්‍රථම වසරවලදී රුසියානු භාෂාව හා සාහිත්‍ය, ඉතිහාසය, ගණිතය, ලතින්, ග්‍රීක, පල්ලි ස්ලොවෙනික් ගායනය, බයිබලය පිළිබඳව ඉගෙන ගත් අතර අවසාන වසරවලදී පැවිදි ඉතිහාසයමිනීමරු සංසන්දනාත්මක දේවවේදය, සදාචාර දේවවේදය, පල්ලියේ ඉතිහාසය, පල්ලියේ ගායනා, බයිබලය පිළිබඳ විෂයන් අධ්‍යයනය කරන ලදී. මෙහි විශේෂයෙන් කැපී පෙනෙන දෙයක් වන්නේ රුසියානු භාෂාව ඉගැන්වීම සිදු වන නමුදු ජෝර්ජියානු භාෂාව ඉගැන්වීම සිදු නොවීමයි. නමුත් ස්ටාලින් භාෂා දෙකේම අති දක්ෂයෙක් විය.

අධ්‍යාපනයට සමුදීම හා තරුණ ස්ටාලින්

තරුණ ස්ටාලින් 1895 වසරේදී රහසිගත සේවකයන්ගේ රැස්වීම්වලට සහභාගී වූ අතර ජෝර්ජියානු සමාජවාදී කණ්ඩායමක් වන මෙසාමි ඩාසි (Mesame Dasi -තුන්වන කණ්ඩායම) හි මාක්ස්වාදී නිර්මාතෘ වන සිලිබිස්ට්‍රෝ ජිබ්ලැඩ්සේ (Silibistro Jibladze) වෙත හඳුන්වා දෙන ලදී. 1898 වසරේදී රුසියාවේ සුප්‍රසිද්ධ ලේඛයෙක් වූ කාල් මාක්ස්, ලෙනින්ට හඳුන්වා දෙන අතර ස්ටාලින් 1898 දී එම කණ්ඩායමට එකතු වන ලදී.

1899 අප්‍රේල් මාසයේදී ස්ටාලින් සෙමනේරියෙන් පිටව යන ලදී. මෙහිදී සෙමනේරිය අතහැර යාමට හේතුව ලෙස පාසල් ගාස්තුව ගෙවීමට නොහැකි වූ බව සඳහන් වුවද තම දේශපාලන මතය අභියෝගයට ලක් කිරීම නිසා ඔහුට ඉවත්වන්නට සිදුවූ බව ඇතැම් ස්ථානයන්හී සඳහන්ව ඇත.

පාසලෙන් ඉවත් වූ ඔහු නැවත තමන්ගේ නිවසට නොගිය අතර විප්ලවවාදී ව්‍යාපාරවල නායකත්වය උසුලන්නට විය. 1899 ඔක්තෝම්බර් මාසයේදී ටිෆ්ලිස් නිරීක්ෂණාගාරයේ කාලගුණ විද්‍යාඥයෙකු ලෙස වැඩ ආරම්භ කල අතර සමාජවාදී න්‍යාය පිළිබඳ පන්ති හරහා ආධාරකරුවන් පිරිසක් ආකර්ෂණය කර ගන්නා ලදී.

විප්ලවවාදීයෙකු ලෙස පරිවර්තනය වීම

1900 මැයි දිනය සඳහා රහසිගතව කම්කරු රැස්වීමක් සංවිධානය කල අතර එහිදී ඔහු බොහෝ මිනිසුන් වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගැනීමට සාර්ථකව දිරිමත් කළේය. ඔහුගේ ප්‍රධාන කාර්යය වූයේ විප්ලවයේ ලෞකික මෙහෙයුම් සංවිධානය කිරීමරැස්වීම් කැදවීමපත්‍රිකා ප්‍රකාශනයට පත් කිරීම සහ වැඩ වර්ජන හා පෙළපාලි සංවිධානය කිරීමයි.

වර්ෂ 1901 දී පුර්ණකාලීනව ඩිමොක්‍රටික් කම්කරු පක්ෂය වෙනුවෙන් සටනට පිවිසි අතර රහස් පොලිසිය වන ඔක්‍රානා (Okhrana)වෙතින් 1901 මාර්තු මාසයේදී ස්ටාර්ලින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නමුත් ඔහු පලා යාමට සමත්විය. පසුව භූගතව සැඟව සිටිමින් 1901 මැයි දිනය සඳහා පෙළපාලියක් සැලසුම් කළ අතර එහි දී පෙළපාලිකරුවන් 3,000 ක් බලධාරීන් සමඟ ගැටුණි.

අන්වර්ථ නාමයන් භාවිතා කරමින් රහස් පොලිසිය මගහරින ස්ටාර්ලින් 1901 නොවැම්බරයේදී, 1898 දී පිහිටුවන ලද මාක්ස්වාදී පක්ෂයක් වන රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ (RSDLP) ටිෆ්ලිස් කමිටුවට තේරී පත් විය.

මෙම මාසයේදී ස්ටාර්ලින්, බටුමි නගරය වෙත ගමන් ගන්නා අතර එහිදී ඔහු විසින් සිදු කරන ඇතැම් ප්‍රකාශයන් තුළින් නගරයේ වෙසෙන මාක්ස්වාදීන් අතර භේදයක් ඇති කළේය. ඔවුන්ගෙන් සමහරෙක් ස්ටාර්ලින් රජය වෙනුවෙන් වැඩ කරන නියෝජිත ප්‍රකෝපකාරීයෙකු විය හැකි බවට සැක කළහ.

පසුව ඔහු රොත්ස්චයිල්ඩ් පිරිපහදු ගබඩාවේ රැකියාවක් සොයා ගත් අතර එහිදී ඔහු සේවක වැඩ වර්ජන දෙකක් සංවිධානය කරන ලදී. එහිදී වර්ජන නායකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ බන්ධනාගාරයට කඩා වැදීමට උත්සහ කල උද්ඝෝෂකයන් හා හමුදා අතර ඇතිවූ ගැටුමකින් 13 දෙනෙක් මිය යන ලදී. ස්ටාලින් ඔවුන්ගේ අවමංගල්‍ය දිනයේදී තවත් මහජන උද්ඝෝෂණයක් සංවිධානය කළේය.

කම්කරු වැඩ වර්ජනයක් සම්බන්ධීකරණය කිරීම නිසා 1902 අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලබන අතර මුලින්ම බටුමි බන්ධනාගාරයේ සහ කුටායිසි බන්ධනාගාරයේ රඳවා තබන අතර 1903 මැද භාගයේදී නැගෙනහිර සයිබීරියාව වෙත වසර 3ක් සඳහා පිටුවහල් කිරීමට නියම කරන ලදී. ඔහුව පිටුවහල් කිරීම හේතුවෙන් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය (RSDLP) ව්ලැඩිමීර් ලෙනින්ගේ "බෝල්ෂෙවික්" සහ ජුලියස් මාර්ටොව්ගේ "මෙන්ෂෙවික්" ලෙස බෙදී ගියේය. පිටුවහල් කිරීම මත ස්ටාලින් 1903 නොවැම්බර් මස අගදී කුඩා සයිබීරියානු නගරයක් වන නොවායා උදා (Novaya Uda) වෙත පැමිණෙන ලදී.

ස්ටාර්ලින් සයිබීරියාවෙන් පැනයාමට අවස්ථා දෙකකදී උත්සහ කරන අතර 1904 ජනවාරි මාසයේදී ඔහුගේ දෙවන උත්සාහය සාර්ථක කරගනිමින් නැවත ටිෆ්ලිස් වෙත පැමිණෙන ලදී. එහිදීඔහු පිලිප් මකරඩ්සේ සමඟ ජෝර්ජියානු මාක්ස්වාදී පුවත්පතක් වන Proletariatis Brdzola (නිර්ධන පංති අරගලය) සම-සංස්කරණය කළේය.

ස්ටාලින් ජෝර්ජියාවේ බොහෝ මෙන්ෂෙවික්වරුන් පිළිකුල් කළ අතර බොල්ෂෙවික්වරුන් සමඟ පෙලගැසී සිටියේය. ඔහු බටහිර ජෝර්ජියාවේ ඉමෙරෙටි ප්‍රදේශයේ පිහිටි චියාතුරා (Chiatura) පතල් නගරයේ බොල්ෂෙවික් බලකොටුවක් පිහිටවූ අතර මෙන්ෂෙවික් ආධිපත්‍යය දැරූ ජෝර්ජියානු විප්ලවවාදී වේදිකාවේ බොල්ෂෙවික්වාදය සුළුතර බලවේගයක් ලෙස පැවතුනි.

No comments